2006 Sri Lanka Independence Celebrations - Colombo Photos

< PREV

HOME

NEXT >

මිත්‍රවරුනි, නිදහසින් අපේ රට ලැබූ ජයග්‍රහණ බොහොමයි. ඒවා අප අවතක්‌සේරු කළයුතු නැහැ. 1948 නිදහසත් සමඟ ශ්‍රී ලංකාවේ බිහිවුණේ සර්වජන ඡන්ද බලය ඇති ජනතා පරමාධිපත්‍ය මූලික කොටගත් නිදහස්‌ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්‌. කවර අඩුපාඩුකම් තිබුණද අඩසිය වසකටත් වඩා වැඩි කාලයක්‌ තිස්‌සේ නිදහස්‌ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්‌ පවත්වාගෙන යාමට හැකිවීම ශ්‍රී ලාංකික අප ලැබූ ජයග්‍රහණයක්‌. අපේ අධ්‍යාපන ක්‍රමය සාර්ථක වූ නිසා ඉහළ සාක්‌ෂරතා සමාජයක්‌ ගොඩනගා ගැනීමට අපට හැකිවී තිබෙනවා.
එහෙත් මිත්‍රවරුනි, රටක්‌ පරාධීනත්වයෙන් ගැලවෙනවා කියන්නේ හුදෙක්‌ යටත්විජිත භාවයෙන් නිදහස්‌ වීම පමණක්‌ නොවෙයි. පුරවැසියාගේ ජීවිතය සෑම ආකාරයකම පරාධීන භාවයන්ගෙන් මිදිය යුතුයි. රාජ්‍ය සෑම ආකාරයකම පරාධීන භාවයන්ගෙන් මිදී නිදහස්‌ රාජ්‍යයක්‌ විය යුතුයි. මේ කරුණු සලකා බලන කළ අපට විසඳාගත යුතු අභියෝග රැසක්‌ තිබෙන බව මා මේ අවස්‌ථාවේදී සඳහන් කරන්න කැමතියි." - ජනාධිපති මහින්ද රාජපක්‌ෂ 2006 පෙබරවාරි 04

< PREV

HOME

NEXT >

Pix By Kaputa.com TEAM © 2006





Sri Lanka Web Design , Hosting and E commerce Solutions